හිම කුමාරි - සිව්වන කොටස






හිම කුමාරි - පළමු කොටස

  
  
ගර්ඩා තවත් කැලේ ඇතුලටම ගියා.  ඇයට වුවමනාවුනා ඕක් ගස පැවසූ මල් කුමාරිව කෙසේ හෝ සොයා ගැනීමට. මන්ද ඈ හට දැන් ඇති එකම අරමුණ තම මිතුරා වන කාහිල් සොයා ගැනීමටයි. 


ඇය කැලෑව තුල විපරම් කරමින් කැලේ මැද්දටම නිර්භීත ලෙසෙ පියමන් කලා. එවිටම ඇය දුටුවා ලස්සන මල් වත්තක්. මේ ඝන කැලෑව මැද මෙතරම් ලස්සන මල් වත්තක්! ඇයට තම දෑස් අදහා ගත් නොහැකිව ඒ දෙස ඇසි පිය නොහෙලාම බලා සිටියා. වත්ත වටේම ලස්සන මල් වැල් වලින් වට වෙලා. පිවිසෙන දොරටුව අසල ලස්සන මල් වලින් වටවූ ආරුක්කුවක් පිහිටුවා තිබුනා. ඈ සෙමින් ඒ අසලට ගමන් කලා. 


එවිටම එහි විශාල ගසක එල්ලා තිබුනු මල් වලින් පිරි ඔංචිල්ලාවක් දෙස ඇගේ නෙත් යොමුවුනා. මල් සැරසිලි සහිත පන් කොළ තොප්පියක් දමා, නේක මල් වලින් තම වත සරසා ගත්  සුන්දර කාන්තාවක් එහි ඒ මේ අත පැද්දෙමින් ගීයක් මුමුණන අයුරු ඈ දුටුවා. එසැනින්ම ඒ මල් කුමාරි වියයුතු බව ඈට වැටහුනා.  ඈ ඒ අසලට ගමන් කලා.  


"මං හිතන්නෙ ඔබ තමයි මල් කුමාරි" ගර්ඩා ඇගේ අවදිකලා.


සිනාමුසු මුහුණින් මුව සරසාගත් එම සුන්දර කත, ගර්ඩාව බලාපොරොත්තු වූවා සේ ඈ දෙස බලමින් ඇගේ සිතුවිල්ල නිවැරදි බව තවුරු කලා. 

"ඔව් ඒ මම තමයි ගර්ඩා. මම දන්නව ඔයා මගේ ළගට එනවා කියල" 

"ඔබට පුලුවන්ද මට උදව් කරන්න?" ඇය බලාපොරොත්තු සහගතව විමසා සිටියා.


"අපි බලමු මොනවද කරන්න පුලුවන් කියලා " මල් කුමාරි ඇගේ සිත අස්වසමින්, ඈ හට තම මල් වත්ත පෙන්වීම සඳහා ඇගේ සියුමැලි අතින් අල්ලා ඈ සමඟ පියමන් කළා.  


"ලස්සන මල් වත්තක්" ගර්ඩා මල් වත්ත දෙස බලමින් කියා සිටියා.


ගර්ඩා මල් වලට බෙහෙවින් ප්‍රිය කරන බව මල් කුමාරි ඇගේ හැසිරීමෙන් තේරුම් ගත්තා. 


එක්වරම සුදු රෝස මල් පදුරක්දෙස ගර්ඩාගේ නෙත් යොමුවුනා. ඈ හට කිසිවෙක් මතක් වුනා.


"එයා හරිම ආසයි සුදු රෝස වලට" ඈ මල් කුමාරිට කීවා.


ඇය පවසන්නේ කාහිල් ගැන බව මල් කුමාරි තේරුම් ගත්තා. ඈ හට වුවමනා වුනා ගර්ඩාව ඇය ළඟ නවතා ගැනීමට. එසැනින් ඇය තම වත්තේ තිබුනු සියළුම සුදු රෝස මල් අතුරුදහන් කලා. 


මෙසේ ටික දිනක් ගෙවී ගියා. ගර්ඩා මල් කුමරිය සමඟ වත්තේ අසිරි බලමින් සතුටින් කාලය ගත කලා.
දින දින ගෙවී යත්ම ගර්ඩාට යමක් අමතක වී ඇති බවට ඈ හටම සැක සිතුනා. නිතර ඈ ඒ කුමක්ද යන වග කල්පනා කලත් ඒ බව ඈ හට වටහුනේ නෑ.


දිනක් හදිසියේම ඈ මල් කුමාරිගේ පන් කොළ තොප්පියේ තිබුනු සුදු රෝස මලක් දුටුවා. එසැනින්ම මල් කුමාරි එය සැඟවීමට උත්සහ කලද එය අසාර්ථක වුනා. 


"ඔබ මාව මුලා කලා" ගර්ඩා මල් කුමාරිට චෝදනා කරමින් දුකින් කතා කලා. 


"මට සමාවෙන්න. මට උවමනාවුනේ ඔබව මා ළඟින් තියා ගන්න. මට තේරෙනව. මම වැරදියි" ඇය ගර්ඩාගෙන් සමාව ඉල්ලුවා.

ගර්ඩා නැවතත් කාහිල් සොයා යාමට තීරණය කලා.  


මල් කුමාරි දුකින් වුවද හිම කුමාරි සොයා යන ගමනට සුබපැතුම් සමඟ ඈට සමුදුන්නා.  ගර්ඩා නැවතත් තම මිතුරා සොයා යාමේ අදිටනින් කැලේ තුලටම පියමන් කලා.




අදට කතාව මතු සම්බන්ධයි හොඳේ... :)


ඕං මං ටුවිටරේ